FAST NEWS

24×7 Around the Globe

ජී. එස්. පී. ප්ලස් යළි ලබා ගැනීමේ සාකච්ඡා අද සිට…

 

ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා අද (17) ආරම්භ වේ.

එම සාකච්ඡා සඳහා සහභාගී වීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (16) පස්වරුවේ බෙල්ජියමට ගොස් ඇති අතර රනිල් වික‍්‍රමසිංහ මහතා යුරෝපා කොමිසම, යුරෝපා සංගමය හා යුරෝපා පාර්ලිමේන්තුවේ ඉහළ පෙලේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජී.එස්.පී. ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට හිමි වුවහොත් මෙරට නිල මුදල් සංචිතය
සියයට 10 ත් 20 ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට වාර්තා වේ.