FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ යැයි කියු මල්වානේ ඉඩම විකිණීමට අධිකරණය තීන්දු කරයි..

මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවේ එම ඉඩම තමාට අයත් නොවන බව ප්‍රකාශ කර තිබේ.

එහෙයින් හිමිකමක් නොමැති එම ඉඩම විකුණා මුදල් නඩුවට බැර කරන්නේද නැද්ද සම්බන්ධයෙන් විත්තියෙන් ද අදහස් විමසා අද (14)  අධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතව තිබිණි.