FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් නිල වශයෙන් පත් කෙරෙති…

එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස අන්තෝනියෝ ගුටාරෙස්  නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (13දා) කටයුතු කර තිබේ.

පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වූ ගුටාරෙස් වසර පහක සේවා කාලයක් සඳහා මෙසේ පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් 193කින් යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් අනතුරුව සිදුවූ සම්මතයෙනි.

ඒ අනුව, හිටපු මහ ලේකම් බැන් කී මූන් සිය ධුරයෙන් ඉවත්ව යනවිට එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ගුටාරෙස් සිය ධුරයේ කටයුතු කරනු ඇත.