FAST NEWS

24×7 Around the Globe

AH1N1 නිසා දිවයින පුරා 40ක් මරුට.

පැතිර යන ඉන්ෆ්ලුවන්සා AH1 N1 වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 40 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතරින් දස දෙනෙකුම ගර්භිණී මවුවරුන් වීමද විශේෂත්වයකි.

මේ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය තවදුරටත් පැතිරී යන හෙයින් එයින් ආරක්ෂා වන ලෙසත්, ගැබිනි මවුවරුන්ට මෙම ශ්වසන රෝගී තත්ත්වයේ අවදානම ඉතා ඉහළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (24දා) ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

උණ, හිසරදය, ඇඟපත වේදනාව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම සහ රෝග ලක්ෂණ සහිත නම් වමනය හා පාචනය නොතිබුණද වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත්ය. එසේම ළදරුවන්, ගර්භිණී කාන්තාවන් හෝ වයස්ගත වූවන්ට මෙම රෝගය නිසා අසාධ්‍ය තත්ත්වයන් ඇති වීමටද ඉඩ තිබේ.

මෙම රෝග ලක්ෂණවලින් පෙළෙන අය සෙනඟ රැස්වන ස්ථාන හා අවස්ථා මඟහැරීම වැදගත්ය. එසේම කැස්සක් හෝ කිවිසුමක් ඇතිවන විටකදී නාසයෙන් ලේන්සුවකින්, ටිෂූ කඩදාසියකින් හෝ තම වැලමිටෙන් ආවරණය කරගැනීමද, නිතර දෑත් සබන් යොදා පිරිසුදු කිරීමද, ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ආරක්ෂිත ලෙස බැහැර කිරීමද සිදුකිරීම වැදගත්ය.