FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ දැඩි රථ වාහන තදබදයක්…

වතුකම්කරු පිරිසක් සිය දෛනික වැටුප රු.1000 ක් කරන ලෙස ඉල්ලා පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ-කොටුව,ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව වාර්තා වේ.

කොටුව ප්‍රදේශයෙන් ආරම්භ කළ මෙම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගොස් තම ඉල්ලීම ඇතුළත් සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරදීමට නියමිත බවද පැවසේ.

කෙසේ වෙතත් මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යන මාර්ගය පොලිස් බාධක යොදා අවහිර කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.