FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් ගායක චිලී දින 14 ක් ඇතුළට…(update)

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගායක චිලී (තිලංක විදූෂ) මහතා එළැඹෙන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් 6 වැනි දා පැළවත්ත, විජිතපුරදී  පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(11) දින තලංගම පොලීසිය විසින් හෙතෙම අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමෙන් අනතුරුව දින 14ක් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

+++++++++++++++++(update)

ගායන ශිල්පී තිලංක (චිලී) අත්අඩංගුවට ගැනේ…

ගායන ශිල්පි  තිලංක විදූෂ (චිලී) තලංගම පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහර දුන් සිද්ධියකට අදාළ පැමීණිලක් සම්බන්ධයෙන් අද (11) දින තලංගම පොලීසිය මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.