FAST NEWS

24×7 Around the Globe

‍විරෝධතාවයක් නිසා මීගමුව – කොළඹ මාර්ගය ජා-ඇළින් අවහිර වෙයි…

 

විරෝධතා පාගමනක් හේතුවෙන් මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය ජා-ඇළ මංසන්ධියෙන් අවහිර වී  ඇති බව වාර්තා වේ.

මීතොටමුල්ල කුණු කන්දේ කසළ ඒකල ප්‍රදේශයට ගෙනයාමට බලධාරීන් විසින් කටයුතු කිරීමට එරෙහිව ඒකල ප්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතා පාගමන පවත්වන බවද පැවසේ.

මෙම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.