FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව ප්‍රංශයට කළ නොහොබිනා වැඩක් විකිලීක්ස් හෙළි කරයි.

 

ඇමරිකාව විසින් ප්‍රංශයේ රාජ්‍ය නායකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් ඔත්තු බැලූ බව විකිලීක්ස් අනාවරණය කර තිබේ.
එම වාර්තා අනාවරණය කලේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් වන ජැක් ෂිරාක් සහ නිකලස් සාර්කෝසි පිළිබදව ඔවුන් ඔත්තු බලා ඇති බවය.

එමෙන්ම වත්මන් ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඞ් පිළිබදව ද ඔත්තු බැලූ බවට විකිලීක්ස් හෙළි කර ඇත.

පවතින මෙම තත්ත්වයත් සමඟ ප්‍රංශ ජනාධිපතිවරයා විසින් අද දින එරට ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ හමුවක් ද කැදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.