FAST NEWS

24×7 Around the Globe

2016 නොබෙල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනාධිපති හුවාන්ට…

කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස් 2016 නොබෙල් සාම ත්‍යාගය හිමි වන පුද්ගලයා ලෙස නම් කර තිබේ.

2016 ‍නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු ප්‍රකාශයට පත් කිරීම නෝර්වේ ඔස්ලෝ නුවරදී අද(07) සිදු විය.

ෆාක් කැරලිකරුවන් සමග වසර 4ක් තිස්සේ සිදු කළ සාකච්ඡාවකින් පසු සාම ගිවිසුමකට එළඹීමට කොළොම්බියානු ජනාධිපතිවරයා සිදු කළ කැපවීම අගයමින් ඔහු මෙම ත්‍යාගය සඳහා නම් කිරීමට නෝර්වේ නොබෙල් කමිටුව තීරණය කර ඇත.

මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් සහ ආයතන 376ක් ඉදිරිපත්ව සිටි බව වාර්තා විය.

නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම දෙසැම්බර් 10 වනදා සිදු කිරීමට නියමිතය.