මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ පස්වරුවෙ අත්අඩංගුවට ගත් රාඩා ආයතනයේ මූල්‍ය පරිපාලන අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ ලබන ජූලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගකට අනුවයි.
මේ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ උපදේශකවරයකු වන රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරියට නිදහස් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
ඒ අනුව ඔහුට රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම කෙරුණා.








