FAST NEWS

24×7 Around the Globe

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය පීරමීන් යර්සිකා සොයති.

කිලිනොච්චිය, උරුදිපුරම් ගම්මානයේදි පසුගිය 21 දා සවස අතුරුදහන් වූ අවුරුදු 3 ක් වයසැති දැරිය සොයා පොලීසිය සහ පොලීස් විශේෂ කාර්ය බලකා සෙබලුන් එක්ව පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇතත් මේ දක්වා දැරිය හමු වී නොමැත.

උරුදිපුරමි, ප‍්‍රදේශයේ පදිංචිව සිටි උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ අතුරුදහන්ව ඇත්තේ දැරිය දැරියගේ මව සමඟ නිවසට ඔබ්බෙන් වු ඇළක දිය නෑමට ගොස් ඇති අතර,දැරිය නෑවීමෙන් අනතුරුව දැරියගේ මව අසල්වාසියෙකු සමඟ දැරිය නිවස වෙත පිටත් කළ බව දැරියගේ මව විසින් කිලිනොච්චි පෙලීසියට දන්වා ඇත.

දැරිය සොයා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට අමතරව උරුදිපුරම් ගම්වාසීන්ද ප‍්‍රදේශයේ පාලු ඉඩම් හා නිවාස මෙන්ම වැව් ඇල මාර්ග වලද සෝදිසි කිරීම් සිදු කරමින් සිටිති.