FAST NEWS

24×7 Around the Globe

සංශෝධිත වැට් බදු කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණයට පෙත්තසමක්..

සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (05) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළේය.

සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පතේ 4,13,17 සහ 18 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12 (1), 12(2), 14(1) (2) වගන්තිවලට පටහැනි බව දක්වමින් මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එ අනුව මෙම පෙත්සම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙන තෙක් වැට් බදු පනත් කෙටුම්පත විවාදයට නොගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇති බවද පැවසේ.