FAST NEWS

24×7 Around the Globe

ආනයනය කෙරෙන වාහන වරායේදීම ලියාපංදිචි කිරීමට වරම්…

වාහන ආනයනය කිරීමේදී වරාය තුළදීම ඒවා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ වන විට සියලුම වාහන හම්බන්තොට වරායට ගෙන්වන බවත් ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා හම්බන්තොට කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසීය.

වාහන ආනයනය කරන පෞද්ගලික අංශය මේ වැඩපිළිවෙළට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල්වරයා 2018 වන විට සේවාවන් ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස අඩු කර ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඒ සඳහා ප්‍රාදේශීය කාර්යාලවල සේවාවන් පුළුල් කරන බව ද වැඩිදුරටත් පැවසීය.