FAST NEWS

24×7 Around the Globe

ඉතියෝපියාවේ විරෝධතාවය අතරතුර 52ක් මරණයට…

ඉතියෝපියාවේ ආගමික උත්සවයකදී ඇතිවූ විරෝධතාවක් අතරතුරදී ඇතිවූ තෙරපීම නිසා 52 දෙනකු මියගොස් ඇතැයි ආණ්ඩුව පැවසීය.

පොලිසිය විසින් කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමේදී ඇතිවූ තෙරපීම නිසා සමහරු මියගිය බව සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරති.

අගමැති හේලිමේරියම් ඩෙසල්ජන් ප්‍රකාශ කළේ කැරැලිකරුවෝ කලින් සැලසුම් කර කලබලයක් ඇති කර මනුෂ්‍ය ඝාතන සිදුවීමට පාර කපා ඇති බවයි.

එලෙසම ආරක්‍ෂක හමුදා විවෘත ලෙස වෙඩි තැබූ බවට නැඟෙන ඇතැම් චෝදනා අගමැති හේලිමේරියම් ප්‍රතික්‍ෂේප කලේය.