FAST NEWS

24×7 Around the Globe

තාජුදීන්ගේ යැයි සැක කෙරන අස්ථි කොටස් සයිටම් හී තිබි CID යට හමුවෙයි..

මාලබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තැන්පත් කර තිබූ සැක සහිත ශරීර අස්‌ථි කොටස්‌ තොගයක්‌ ඊයේ (03 දා) සවස අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

වසර කිහිපයකට පෙර ඝාතනය වූ රග්බි ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ සිරුරේ කොටස්‌ ‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයට රැගෙන ගොස්‌ ඇති බවට ලැබුණු පැමීණිල්ලක්  පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා දෙන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබු අතර ,ඊයේ (03) දිනයේ අධිකරණයෙන්  එම අවසරය ලැබුණී.

එ අනුව ඊයේ (03) දහවල් 2.00 ට පමණ රහස්‌ පොලිස්‌ නිලධාරීන් කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමඟ ‘සයිටම්’ වෛද්‍ය විද්‍යාලයට ගොස්‌ සවස 6.00 ට පමණ වනතෙක්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව සැක සහිත අස්‌ථි කොටස්‌ 100 කට අධික ප්‍රමාණයක්‌ පොලිස්‌ භාරයට ගෙන තිබේ.