ඉල්ලීම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලා පාලනාධිකාරියට බලකරමින් ගුවන් ගමන් පාලකවරුන් විසින් අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ඊයේ (03) පස්වරුවේ සිට ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව කටුනායක, රත්මලාන, මත්තල යන ගුවන්තොටුපළවල ගුවන්පාලකවරු මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිති.
ශ්‍රී ලංකා ගුවන් කලාපය තුළ ප්‍රධානතම කාර්ය ඉටුකරන තම පිරිස් සඳහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම පාලනාධිකාරිය විසින් කාලයක් තිස්සේ දිගින් දිගටම අවප්රමාණයෙන් සැලකීම, ක්‍රමානුකූලව සමාගම ඇතුළත තම රාජකාරිය අවතක්සේරුවන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීම සිදුවූ බව මොවුහු නිවේදනයක් නිකුත් කරමීන් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පාලකයින් සමග කෙරුණු සාකච්ඡා අසාර්ථක වූ බවත්, මෑතකදී පත්කෙරුණු පක්ෂග්රාහී අභ්‍යන්තර කමිටුවක් මගින් ගුවන්ගමන් පාලකයින්ගේ නියෝජනයක් නොමැතිව අදාළ අංශ සඳහා දීමනා වැඩිකර ගැනීම් සිදුවූ බවත් ඔවුන් අවධාරණය කරයි.
මෙම කරුණු සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය දියක් කළ බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය වැඩිදුරටත් එම නිවේදනයෙහි සඳහන් කර තිබේ.