FAST NEWS

24×7 Around the Globe

විහාර දේවාලගම් හා ථෙරවාදී කෙටුම්පත් දින නැතිව කල් යයි…

හෙට(04) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත විවාදයට නොගෙන දින නියමයක් නැතිව කල් දැමීමට අද පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක හමුවේදී තීරණය කර තිබේ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ඉල්ලීම මත සියලුම මහ නාහිමිවරුන්ගේ ඒකමතික ඉල්ලීමක් ලැබෙන තුරු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම මීට හේතුවයි.

එහිදී සෙසු පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ද ඒ සදහා කැමැත්ත පළ කර ඇත.