FAST NEWS

24×7 Around the Globe

රනිල් 20ට නුල් සුත්තර යොදන බව රතන හිමී කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ නූල් සූත්තර යොදා උත්සාහ ගන්නේ 20 වැනි සංශෝධනය පරාජය කොට කඩාකප්පල් කරන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

අගමැතිවරයා සිය මෙහෙයුම සඳහා ජනතා විමුක්ති පෙරමුණත් මුස්ලිම් කොංග්‍රසයත් යොදාගෙන ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

රතන හිමියන් ඒ බව සඳහන් කර සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවැති පවිත්‍රා රූපසිංහ විසින් රචිත “සිවුර සහ සුළං” කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (23) සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ,

“අපි දේශපාලනයට එනකොට හාමුදුරුවො අහිංසකයි. ඕනෑම අයකුට භික්ෂූන් වහන්සේ සහ සිවුරු පාවිච්චි කරමින් කටයුතු කිරීමේ හැකියාව පැවැතුණා. ඒත් අපි ඉන්න ඕන දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන්. දේශපාලනඥයන්ගේ නූල් සූත්තර දැන් අප හොඳාකාරවම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේ කරන්නේ ඒවාගේම නූල් සූත්තරයක්.”