කාශ්මීර ප්‍රාන්තයේ දේශසීමාව අවට ඉන්දියා-පාකිස්තාන හමුදා අතර පවතින වෙඩි හුවමාරු උග්‍ර අතට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම හේතුවෙන් මේ වනවිට ඉන්දීය බලධාරීන් විසින් වැසියන් 10,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයෑමට පියවර ගෙන ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය සෙනසුරාදා (01) පෙරවරුව වනවිට මෙම දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරු ආරම්භ වී ඇති බව පැවසේ.
එසේම ඉන්දු පාකිස්ථාන දේපාර්ශවය එකිනෙකාට දොස් පවරමින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන් උසිගැන්වීම සඳහා ප්‍රතිවිරුද්ධ පාර්ශවය තම දේශසීමාවට ප්‍රහාර එල්ල කරන බවය.








