FAST NEWS

24×7 Around the Globe

වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන්ට අන්තවාදීන්ගෙන් ජීවිත තර්ජන.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට අන්තවාදී සහ රැඩිකල් කොටස්වලින් ජීවිත තර්ජන එල්ලවී ඇති බවට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක්වුණා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යොමුකළ පැනයකට මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා සභාගත කළ ලේඛනයකයි මේ බව දැක්වුණේ.

එමෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට විශ්‍රාම යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 138 දෙනෙකු යොදවා තිබූ බවත් වර්තමානයේ එම සංඛ්‍යාව 66 දක්වා අඩුකර ඇති බවත් එහි දැක්වුණා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 102 ක් විශ්‍රාම යන අවස්ථාවේදී ආරක්ෂාව සඳහා යොදවා තිබූ බවත් අද වනවිට එම සංඛ්‍යාව 105 දක්වා ඉහළ නංවා ඇති බවද එමඟින් දක්වා තිබුණා.

මේ අතර, මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය අද දෙවන දිනටත් පැවැත්වෙනවා.