FAST NEWS

24×7 Around the Globe

එට්‌කා අත්සන් කිරීම ලබන මාර්තුවේ…

ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තැබීම ලබන වසරේ (2017) මාර්තු මාසයේදී සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

මේ වසර (2016) අගදී අනිවාර්යයෙන්ම එට්කා ගිවිසුම රජය මුලින් ප්‍රකාශ කර තිබු  පුළුල් වශයෙන් සාකච්ඡා කොට බොහෝ පාර්ශ්වයන්ගේ එකඟත්වය ඇතිව මෙය අත්සන් කිරීමට දෙරට තීරණය කිරීම නිසා එට්‌කා සාකච්ඡා මේ වසර අග වන විට අවසන් කිරීමට දුෂ්කර වී ඇති බවද පැවසේ.

මෙම හේතුවෙන් ලබන වසර මුලදී දෙරටේ විවිධ පාර්ශ්වයන්ගේ පුළුල් එකඟත්වය සහිතව මේ ගිවිසුම අත්සන් කීරීමට යෝජීත බවද වාර්තා වේ.

එසේම ගිවිසුමේ සාකච්ඡා සඳහා ඉන්දීය වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක්‌ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සාකච්ඡා සාර්ථකව පැවැති බව උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා පැවසීය.

තවද වැඩිදුර සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්ද ලබන නොවැම්බර් මාසයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවද වැඩි දුරටත් එම ආරංචි මාර්ග සඳහන් කලේය.