FAST NEWS

24×7 Around the Globe

දඹුල්ලේ ශ්‍රීලංගම සේවකයෝ පිරිසක් වර්ජනයේ…

පාඩු ලබමින් තිබූ දඹුල්ල ඩිපෝව ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව කියන ඩිපෝ අධිකාරී හිටි ගමන් කැකිරාවට මාරු කර ඇතැයි කියමින් ශ්‍රීලංගම බස් සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එසේම මෙම මාරු කිරීම දේශපාලන දඩයමක් යැයිද ඔවුහු පවසති.

එසේම පාඩු ලබන කැකිරාවේ ඩිපෝව ගොඩ ගැනීම සදහා ඩිපෝ අධිකාරී කැකිරාවට මාරු කළ බවද එම ඩිපෝවේම තවත් පිරිසක් කියති.