FAST NEWS

24×7 Around the Globe

රටට විශාල ආර්ථික පීඩනයක් එල්ල ‍වෙනවා

ලංකා ගමනා ගමන මණ්ඩලයට බස් රථ අවශ්‍ය වී ඇති අවස්ථාවේ පැවති රජයේ අදුරදර්ශී ආර්ථික සැලසුම් හේතුවෙන් එයාර් බස් ආනයනය කිරීමට සිදුව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මිල අධික එයාර් බස් ආනයනය කිරීමට සිදුවීමෙන් රටට විශාල ආර්ථික පීඩනයක් එල්ල වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙසේ වැය කරන මුදලින් දරුවන්ගේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය නගා සිටුවීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැපයීමට හැකිව තිබූ බව රවී කරුණානායක අමාත්‍යවරයා සඳහන් කරයි.

තොටළඟ ප්‍රදේශයේ පැවැති ලෝක ළමා දින උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.