FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනතක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම පනත් සැකසීමේදී මහා බ්‍රිතාන්‍ය වැනි රට වල පවත්නා ත්‍රස්තවාදයට එරෙහිවීමේ නීති රීති සැලකිල්ලට ගෙන ඒවා අධ්‍යනය කිරීම මගින් නව දැනුමක් ඔස්සේ එම නීති කරුණුද ඇතුළත් වන පරිදි මෙම පනත් නිර්මාණය කරන බවද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම දියුණු වෙමින් පවත්නා තාක්ෂණයත් සමග ත්‍රස්තවාදී ක්‍රියාවන්ද හිස ඔසවන බැවින් එම අවස්ථාවන්ට මුහුණදීමට හැකි වන පරිදි නව තාක්ෂණයත් සමග යාවත්කාලීන වන පනත් සකස් කරන බවද ඒ මහතා කියා සිටියේය.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ සිටින හමුදා විශේෂයින්ගේද සහය ඇතිව ඉදිරි වසර 20-30ක කාලයකට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන වන පනත් ගෙන එන බවද හෙතෙම පැවසුවේය.

අගාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඕක්ලන්ඩ්හි රාජ්‍ය නිවසේ නවසීලන්ත අග්‍රමාත්‍ය ජොන් කී මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.