ලෝක ළමා දිනය අදට යෙදී ඇති අතර “සොඳුරු ළමා ලොව සුරකින්න – වැඩිහිටියනි දෑත දෙන්න” යන්න මෙවර එහි තේමාවයි.
ජාතික සත්ව උද්‍යානයට මෙන්ම පින්නවල අලි අනාථාගාරයට පැමිණෙන ළමුන්ට අද දිනයේ නොමිලයේ ඒවා නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර වැඩසටහන් රැසක්ද ලෝක ළමා දිනය නිමිත්තෙන් අද ක්‍රියාත්මක කරන බව සුමේධා ජී. ජයසේන අමාත්‍යවරිය පැවසුවාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමටත්, අධ්‍යාපනයේ අයිතීන් තහවුරු කර දී සුරක්ෂිත පරිසරයක හැදී වැඩීමටත් අවකාශය සපයා දීමටත් විශ්වීය වශයෙන් අප සියලූ දෙනා බැඳී සිටින බවයි.එලෙසම රටක් ලෙස මෙම අවශ්‍යතා සියල්ල සපුරාලීමට නොහැකි වන්නේ නම් කිසිසේත් සතුටට පත්විය නොහැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.
“දරුවන්ට එරෙහිව නැගෙන ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් අප තවමත් පීඩා විඳියි. පවුල, පාසල සහ ඥාති හිත මිත්‍ර සමාජය ඇතුළු සියලූ ස්ථාන දරුවන් සඳහා සුදුසු ස්ථාන බවට පත් කළ යුතුයි.”එහි බරපතළ සමාජ මෙහෙයුමක් සියලූ දෙනා වෙත පැවරී ඇති බවද ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් අවධාරණය කර ඇත.
මේ අතර අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇති අතර ඒ මහතා පෙන්වා දී ඇත්තේ සුරක්ෂිත සමාජයක සමබර පෞර්ෂ වර්ධනයක් සහිතව හැදී වැඩීමට දරුවන්ට ඉඩ ලබදිය යුතු බවයි.
එවිට වඩාත් සුන්දර වූ ලෝකයක් පහසුවෙන් නිර්මාණය කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.