FAST NEWS

24×7 Around the Globe

අයි.එස් ත්‍රස්ත නායකයෝ 18ක් ගුවන් ප්‍රහාරවලින් මරණයට

ඇමෙරිකා එක්සත් ජනපදය හා ඔවුන්ගේ රටවල් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසුගිය දින 30ක කාලයේදී අයි.එස් ත්‍රස්ත නායකයන් 18 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. එයින් 13 දෙනකු මියගොස් ඇත්තේ අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ තිබෙන ප්‍රධානම නගරයක් වන ඉරාකයේ මොසුල් හිදීය.

මේ වනවිටත් මොසුල් නගරය බේරාගැනීම සඳහා ඉරාක හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. කෙසේ නමුත් අයි.එස් ත්‍රස්තයන්ගෙන් නගර මුදා ගැනීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ ඉරාක හමුදාව පමණක් යැයි එරට හමුදාවේ නිලධාරීහු පැවැසූහ.

පසුගිය කාලයේදී අයි.එස් ත්‍රස්තයන් 3000ත් 4500ත් අතර පිරිසක් මොසුල් නගරය හැර ගොස් ඇති බවත් එල්ල වන ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තයන්ට නගරවලට ඇතුළුවීමට නොහැකි වී ඇතැයි පැවසේ.

ගුවන් ප්‍රහාරවලට හා ඉරාක හමුදාවලට සහය දීම සඳහා ඇමෙරිකා භට කණ්ඩායම් 4,565ක් පමණ මේ වනවිට ඉරාකයේ සිටින අතර ඔවුන් ඉරාක හමුදා පුහුණු කිරීමේ කටයුතුවල ද නිරතව සිටිති.