FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු 08 ට ඇප – විදෙස් ගමන් තහනම් කෙරේ (update)

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් කෝටි 11.4ක පාඩුවක් සිදු කළැයි  අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනාට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

එ අනුව  එක් පුද්ගලයෙකුට රුපියල්  ලක්ෂ දෙකක බැගින්  මුදල්  ඇපයක් ද  රුපියල් මිලියන 10 බැගින්  ශරිර ඇප දෙකක් ද නියම විය.

එසේම මොවුන් සියළු දෙනාටම විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

+++++++++++++++++++++++++++++++++++++(update)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු 08 ක් අධිකරණය හමුවට…

අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම්ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙක් අද (30) උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් කෝටි 11.4ක පාඩුවක් සිදු කළැයි යන සිද්ධියකට අදාළ මෙම නඩුවට  පෙනී සිටින ලෙස අධිකරණය ඔවුනට පසුගියදා නොතීසි නිකුත් කර තිබිණි.