FAST NEWS

24×7 Around the Globe

නව් වැට් සංශෝධන පනත අයවැයට පෙර – රේගු පනත ජනවාරි 01 වැනිදා..

නව වැට්‌ සංශෝධන පනත ඉදිරිපත් කළ ආකාරය නීත්‍යානුකූල බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (29 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම එම නව වැට්‌ පනත කුමන අභියෝග පැමිණියත් ලබන අය වැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය.

යහපාලන ආණ්‌ඩුව අයවැය ලේඛනය සකස්‌ කරන්නේ කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොවන බවද ආණ්‌ඩුව මේ වන විට ගමන් කරමින් සිටින්නේ දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්‌මක්‌ මත බවත්, අයවැයේ අපේක්‌ෂාව වන්නේ එම ගමන ශක්‌තිමත් කිරීම බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම රේගු පනත් කෙටුම්පත ජනවාරි පළමු වැනිදා පාර්මේන්තුවට ඉදිරිපත් කීරීමට කටයුතු කෙරෙමීන් පවතින බව ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවෙදි ප්‍රකාශ කළේය.