FAST NEWS

24×7 Around the Globe

යාංගල්මෝදර පැය 24ක් වැසෙයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව සහ පොල්ගහවෙල අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය හෙට(01) පස්වරු 6.00 සිට පැය 24ක කාලයක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

දුම්රිය හරස් මාර්ගයේ සිදුකරනු ලබන හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බවත් මෙම කාලය තුළ දී යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය භාවිත කිරීමෙන් වැළකී විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාගෙන් ඉල්ලීමක් කරයි.