FAST NEWS

24×7 Around the Globe

දෙවන කාර්තුවේ ආර්ථිකය ගැන සෑහීමකට පත්විය නොහැකියි

මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී වාර්තා වූ ආර්ථික වර්ධන වේගය පිලිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.

2015 දෙවන කාර්තුවේ දී වාර්තා වූ වර්ධන වේගය 7% ක ඉහළ අගයයක් ගැනීම සහ ඊට අමතරව පැවති ගංවතුර සහ නියඟ තත්ත්වයන් කෘෂිකර්මාන්ත අංශය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබීම ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතුවූ බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කලේය.

“කෘෂිකර්මාන්ත හා කර්මාන්ත දෙඅංශයම ගංවතුරේ බලපෑමට ලක්වුණා. ඒ වගේම නියඟයේ බලපෑමට කෘෂි අංශය ලක්වුණා. පළමු කාර්තුවේ දී 5.2% ක් සහ දෙවන කාර්තුවේ දී 2.6% ක් ලෙස ආර්ථික වර්ධන වේගය වාර්තා වුවද මාගේ මතය වන්නේ දෙවන කාර්තුවේදී එය ඊට වඩා වැඩි අගයයක් ගත යුතු බවයි“ යනුවෙන් අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එසේම මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5 ක් හෝ ඊට වඩා සුළු වශයෙන් ඉහළ අගයයක් ගනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.