වර්ජනයේ නිරතව සිටින හෘද පෙනහළු නිවේශකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතාව පළ කර තිබේ.
වැටුප් විශමතා ගැටළු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ ජාතික රෝහල කරාපිටිය හා මහනුවර ශික්ෂණ රෝහල්වල හෘද පෙනහළු නිවේශකයින් පසුගිය සඳුදා සිට මෙම වර්ජනයේ නිරතව සිටියි.
මේ වන විට විදෙස් ගතව සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වර්ජනයේ නිරත හෘද පෙනහළු නිවේශකයින්ගේ සංගමයේ නියෝජිතයින් අමතා ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ඔවුන්ගේ ඉල්ලීම් සළකා බලා ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෘද පෙනහළු නිවේශකයින්ගේ සංගමය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.
මේ හේතුවෙන් රෝගීන් පිළිබඳ සළකා වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ඔහු හෘද පෙනහළු නිවේශකයින්ගෙන් ඉල්ලීමක් කර කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී හෘද පෙනහළු නිවේශකයින්ගේ සංගමයේ සභාපති මංගල ජයසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය තම සංගමය වෙත ලැබී තිබුණ ද සිය ඉල්ලීම් වලට ස්ථීර විසඳුමක් ලබාදෙන තුරු සිය වර්ජනය අවසන් නොකරන බවයි.
සිය ගැටළු සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවද මංගල ජයසිංහ මහතා පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.