FAST NEWS

24×7 Around the Globe

ඇහැළියගොඩ දිසා රෝහල තවකාලිකව වසා දැමේ…

ජල ගැටළුවක් හේතුවෙන් ඇහැලියගොඩ දිසා රෝහල තාවකාලික වසා දැමීමට පියවර පියවර ගෙන තිබේ.

ඉදිකිරීම් කටයුත්තක් අතරතුර රෝහලට ජලය සැපයෙන නල මාර්ගයට හානි සිදුවීම නිසා දින කිහිපයක සිට රෝහල් කටයුතු සඳහා ජලය ලබාගැනීම අපහසු වීම මත මෙම තීරණය ගත් බව එහි පාලනාධිකාරීය සඳහන් කළේය.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර යැවීමටද පියවර ගෙන ඇත.

රෝහල යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ත අබේවික්‍රම මහතා පැවසීය.