FAST NEWS

24×7 Around the Globe

අගමැති ප්‍රමුඛ දුතයෝ නවසීලන්තය බලා පිටත්ව යති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  නවසීලන්ත  සංචාරයක් සදහා අද දහවල් 12.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගියහ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන අතර එය මෙරට අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදුකරන ප්‍රථම නිල සංචාරයයි.

මෙම සංචාරයේදී එතුමා වෙළද ක්ෂේත්‍රය, කලාපීය ආර්ථීකය සහ ආරක‍්ෂාව සම්බන්ධයෙන් වූ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය දෙරට අතර දීර්ඝ කාලීන මිතුදම තහවුරු කිරීමට මෙය අවස්ථාවක් වනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය ජොන් කී ප්‍රකාශ කර තිබුණි.