FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්…

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  09 දෙනෙකු ලබන 13 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අද (29) නියෝග කළේය.

මෙම ව්‍යාපාරිකයා පසුගිය අගෝස්තු 22 වනදා රාත්‍රී සිය නිවස අසළදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර ඉන් දින කිහිපයකට පසු ඔහුගේ මළ සිරුර මාවනැල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගැණුනි.