FAST NEWS

24×7 Around the Globe

රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ..

පවතින ජල හිඟය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ තුනක් අද (29) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව සමාජවිද්‍යා සහ මානව ශාස්ත්‍ර, ව්‍යවහරික විද්‍යා සහ කළමනාකරණ යන පීඨ මෙලෙස වසා දමා ඇත.

කෙසේ වෙතත් විභාග කටයුතු නියමිත පරිදි පවත්වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.