FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණය වාර්තාව පිළිබඳව සර්ව පාක්ෂක සමුළුවක් කැඳවේ…

සංශෝධිත කොට්ඨාස සීමා නිර්ණය වාර්තාව ලැබුණු පසුව සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර සිටියි.

එ අනුව සංශෝධිත කොට්ඨාස සීමා නිර්ණය වාර්තාවට සියලුම පක්‍ෂවල එකඟතාව ලබා ගැනීම මෛ සර්ව පාක්‍ෂික සඅරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

පෙර නිකුත් කළ කොට්ඨාස සීමා නිර්ණය වාර්තාවට සියලුම පක්‍ෂවලින් විරෝධය එල්ලවූ බැවින් එවැනි තත්ත්වයක් නැවැත ඇති නොවීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස තහවුරු කිරීම මෙම සර්ව පාක්‍ෂික සමුළුව කැඳවීමේ අරමුණ බවත් අමාත්‍යවරයා පවසයි.

ඔක්තෝබර් 15 වැනි දින සංශෝධිත කොට්ඨාස සීමා නිර්ණය වාර්තාව අමාත්‍යවරයාට භාරදීමට නියමිත බවද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේය.