FAST NEWS

24×7 Around the Globe

කාපට් වැඩබිම විනාශයට විමල් වගකිව යුතුයි

හොරණ, ගල්පාත කාපට් වැඩබිම විනාශයට පත්වීමට වගකිව යුත්තේ  එවකට ආණ්ඩුවේ ඉදිකිරීම්, ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමතිව සිටි විමල් වීරවංශ මහතා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

එවකට යුද ජයග්‍රහණයේ නාමයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මහ දූෂණයට ලක්කර ගජමිතුරු වාදය පෝෂණය කළ බවත්, මැතිවරණ කටයුතු  සඳහා මුදල්, වාහන මෙන්ම ආයතනයේ නිලධාරීන් 98ක් යොදාගෙන ඇති බවත්, ඒ සඳහා විශාල මුදලක් වැය කර ඇති බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ගොඩගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 7500ක ණයක් අරගෙන එය රැක ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා අද(28) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.