FAST NEWS

24×7 Around the Globe

මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්න බයයි

ආණ්ඩුවට ලොකුම අමාරුව වී  ඇත්තේ මගේ ආච්චීගේ ඉඩමේ ප්‍රමාණයයි. ඉඩම මනින්න මිනින්දොරුවන් එවලා. හම්බන්තොට හා පොළොන්නරුවේ නියඟයට  පීඩා විදින ජනතාව ගැන තැකීමක් නැහැ. වැට් බද්ද ක්‍රියාත්මක නොකිරිම නිසා අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් ණය නොලැබුණත් ආණ්ඩුවට  ප්‍රශ්නයක් නැහැ’තම සොයුරු යෝෂිත රාජපක්ෂට අයිති බව කියන දෙහිවල ඉඩම මැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේය.‍

‘අපි හැම විටම උසාවි නියෝග පිළිපදිනවා. අපි කවදාවත් උසාවියෙන් පැන යන්නේ නැහැ. අපේ පවුලේ කවුරුන් හෝ කෙනෙකු යහපාලන රජය යටතේ හැමදාම වාගේ උසාවියේ.. කිසිම වරදක් කර නැහැ.ඒ නිසා උසාවි යන්නත් බය නැහැ. උසාවි ගැන විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වු පසු කළේ මළ මිනි ගොඩ දැමීමයි, ඉඩම් මැනීමයි පමණයි. පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්න බයයි.’ එතුමා වැඩි දුරටත් පැවසීය.