රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් – ඇමරිකා වාර්තාවක් මගින් ගෝඨා හෙළි කරයි.

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් – ඇමරිකා වාර්තාවක් මගින් ගෝඨා හෙළි කරයි.

 

ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යාංශය නිකුත් කළ වාර්තාවක් අනුව මෙරට තුළ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් එල්වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කරයි.

මෙම වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය සංවිධාන ජාලය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන බවත් එම ජාලය වෙත ගලා එන්නාවූ මූල්‍ය ප්‍රේෂණ යහමින් ලැබෙමින් පවතින බවත් හෙළිකොට ඇතැයි ඔහු කියයි. මෙම කටයුතු වලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් 13 දෙනකු පසුගිය වසර තුළ මැලේසියාවේදී අත් අඩංගුවට ගෙනඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් බවද ඔහු සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාර්යක්ෂම සංවිධාන ජාලයත්, එම ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසංවිධානය වීම හරහා රටේ ජාතික ආරක්ෂාවට ඇතිවන තර්ජනයත් වත්මන් ජනාධිපතිවරයාත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් වටහාගනු ඇතැයි ඔහු අවංකවම බලාපොරොත්තු වන බවත් මෙම කරුණු වටහාගැනීමත් ඒ සම්බන්ධව ගතයුතු පියවර නොපැකිලව ඉටු කිරීමත් වසර 30ක කෲර යුද්ධයෙන් පීඩාවට පත් රටටත්, ජනතාවටත් එම අමිහිරි අත්දැකීම් නැවත උරුමවීම වැලැක්වීම සඳහා පියවර ගනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.