FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානී නෙවිල් ඇප මත මුදා හැරේ…

හිටපු  ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට නඩු පහකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28)  ඇප නියම කළේය.

එක් නඩුවකට රුපියල්  දසදහස බැගින්  මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින්  ශරීර ඇප දෙකක් ද මෙහිදි නියම කෙරුණී.

නඩුව ජනවාරි 13 වැනි දා යළි විභාග වීමට නියමිතය.