FAST NEWS

24×7 Around the Globe

ඉරාන හිටපු ජනපති අහමඩ්ට ජනපතිවරණයට නොයෙන්නැයි නියෝගයක්…

ඉරාන යේ හිටපු දැඩි මතධාරී ජනාධිපති අහ්මඩි නෙජාඩ්ට ලබන වසරේ දී එරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි උත්තරීතර නායකයා පැවසීයයි රොයිටර් පුවත් සේවය ඊයේ (26) වාර්තා කළේය.

එමගින් වත්මන් ජනාධිපති හසාන් රවුහානිට ඇති බලවත් බාධකයක් ඉවත් කෙරෙනු ඇතයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉරාන ජනාධිපතිවරණය ලබන වසරේ මැයි මාසයේදී පැවැතිවීමට නියමිත අතර එයට ඉදිරිපත් විමේ සැලසුමක් තමාට ඇති බවට  අහමදි නෙජාඩ් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

එහෙත් යළ ඔහු දේශපාලනයට පැමිණෙන බවට ඉඟි පළ කෙරෙන කතා කිහිපයක් මෑතකදී පැවැත්විය..

දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ තම අට අවුරුදු පාලන කාලය තුළ  බටහිර රටවල් පිටු දැක ඔවුන් සමග අර්බුද ඇති කරගත් අහ්මඩි නෙජාඩ්  ඉරාන කොන්සරවේටව්වරුන්ට යළි  බලය ලබා ගැනිමට ශක්තියක් වීමට ඉඩ තිබූ බවයි.

එහෙත් සුපිරි නායක අයතොල්ලා අලි හමිනිගේ උපදෙස නිසා අහමඩි නෙජාඩ්ට පුළුල් සහයෝගයක් ලබා ගැනීමට තිබූ ඉඩ කඩ ඇහිරී ගොස් ඇතැයි නිරීක්ෂකයෝ කියති.

‘ඔහු මා හමුවිමට පැමිණියා. ඔහුගේ ඉදිරිපත්වීම ඔහුටවත් රටටවත් පලක් නොවන්නේයයි  මා හිතන නිසා ඔහුට ඉදිරිපත් වන්නට එපා කියා මා පැවසුවා‘ යයි උත්තරීතර නායක අයතොල්ලා හමිනි පැවසූ බව වාර්තා වෙයි.