FAST NEWS

24×7 Around the Globe

ජලාශවල ජල මට්ටම පහත බැස ඇති නමුත් විදුලිය බිඳ වැටිමක් නෑ..

දිවයිනට පුරා පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පහත බැස ඇති නමුත් විදුලිය බිඳවැටීමේ අවදානමක් නැතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඉදිරි සති කීපයේදී වැසි බලා‍පොරොත්තු වන නමුත් වියළි කාලගුණික තත්ත්වයට මුහුණ දීමට  විදුලිබල මණ්ඩලය සූදානම් බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ජල විදුලිබලාගාරවලින් 100ක් විදුලිය නිපදවන අවස්ථාවල අක්‍රිය කෙරෙන ඩීසල් බලාගාර පණගැන්වීම තුළින් රටේ සමස්ත විදුලි ඉල්ලුම සැපයීමට හැකිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ දිනවල රටේ පළාත් කීපයක වරින්වර සිදුවන විදුලිය ඇණහිටීම් විදුලිය කප්පාදු නොව නඩත්තු  කටයුතු සඳහා උද්ගතවන තත්ත්වයන් බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.