FAST NEWS

24×7 Around the Globe

කම්කරු නිලධාරීන් දින 21 ක් ගෙවුණු තැන වර්ජනය අත්හරියි..

කම්කරු නිලධාරීන් ආරම්භ කර තිබු වැඩ වර්ජනය දින 21 ගතවු තැන තාවකාලිකව නතර කිරීමට රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය තීරණය අද (27) කර තිබේ.

සේවා ව්‍යවස්ථාවක් සඳහා වන කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යවරයා කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි.

කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා විසින් අද දිනයේ අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එය ලබන 4 වැනිදා කැබිනට් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිත බවද වාර්තා වේ.

සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස  සහ කම්කරු දෙපාර්තමේන්තුව කාලීන මහජන අවශ්‍යතා අනුව ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කම්කරු නිලධාරීන් දින 20කට අධික කාලයක් වැඩ වර්ජනයේ නිරත වුණි.