FAST NEWS

24×7 Around the Globe

එට්කා ගිවිසුම කඩිනමීන් සකස් කර අවසන් කරන බව ඇමති මලික් කියයි..

එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව  සංවර්ධන උපාය මාර්ග සහජාත්‍යන්තර වෙළෙ‍ද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය.

නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමීණ සිටින ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමගේ සමග සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව පැවති එකාබද්ධ මාධ්‍ය හමුව අමතමීන් හෙතෙම මෙ බව පැවසීය.

කෙසේ වෙතත් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර එය අත්සන් කරන බවත්, කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව සමග අත්සන් කෙරෙන එට්කා ගිවිසුම අගය කරන බවත්, කාලසීමාවන්හි බාධාවක්, පීඩාවක් නොමැතිව සෑම කරුණක් ගැනම දෙපාර්ශවයම එකඟතාවයකට ආ යුතු බවද මෙහිද මාධ්‍ය ඇමතු ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් සඳහන් කර සිටියේය.