FAST NEWS

24×7 Around the Globe

බීර බදු සහනයක් සම්බන්ධයෙන් මුදල් ඇමති රවීට අධිකරණයෙන් නොතීසී..

බීර සමාගමකට බදු සහනයක් ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මුදල් ඇමැති රවි කරුණානායක ඇතුළු පිරිසකට ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.

මාස හතරක කාලයකට රේගු බදු සහන උක්ත සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා සය නමක් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත.