FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවේ…

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස අද (27) කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකළේය.

පසුගිය දිනක කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ දී නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක්  සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් ඇප මත සිටින රමිත් රඹුක්වැල්ලට එරෙහි නඩුව අද  (27) කැඳවු අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය කර තිබේ.

ලබන ඔක්තෝබර් 18 වැනිදා මෙම නඩුව යළි කැඳවීමටද අධිකරණය නියෝග කර තිබේ.