FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට නව පක්ෂයේ සම්බන්ධිකරණ ධුරයක්..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව පක්ෂයේ වැඩ කටයුතු හිටපු ජනපතිවරයා සමග සම්බන්ධීකරණය කිරීමේ කටයුතු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය සඳහන් කරයි.

එසේම පක්ෂයේ තනතුරු බෙදාදීමක් තවමත් සිදු වී නොමැති බවත්, මේ නිසා පක්ෂයට තනතුරු ඇති කරන තෙක් සියලුම දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස පක්ෂයේ කටයුතු මෙහෙයවන බවත් එම සංසදයවැඩි දුරටත් සඳහන් කළේය.

නව පක්ෂයට තනතුරු පත් කරනතුරු එහි කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් හා ඒකාබද්ධ විපක්ෂය වටා සිටින විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිස් විසින් සිදුකරනු ලබන බවත්, ආසනවල කටයුතු දැනට පත් කර සිටින කමිටු විසින් සිදුකරනු ලබන බවත් පැවසේ.