FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංගුගේ දේහය ගොඩ ගැනීම ඇරඹේ – මාධ්‍යට සමීපවීම තහනම් කෙරේ…

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනිමේ කටයුතු මේ වන විට සිදු වෙමීන් පවතී.

කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණය මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ මෙය කටයුතු සිදුවේ.

අදාළ දේහය ගොඩගැනීම සිදුවන්නේ ඉකුත් 8 වැනිදා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් විසින්  සිදු කෙරුණු නියෝගයත් මතය.

2009 වසරේ ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්තිඩිය පාරේදී නාඳුනන කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වුණා.

මේ වන විට ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කෙරෙමීන් පවතින බොරැල්ල පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

එසේම මෙම කටයුතු අවාරණය සඳහා ගොස් සිටි මාධ්‍යවෙදින්ට ඊට සමීපව තම ආවරණ කටයුතු සිදු කීරීමට පොලීසිය අවකාශය සලසා නොදී ඇති බවද වාර්තා වේ.

dsdsds ිිාට‍ෙ