FAST NEWS

24×7 Around the Globe

පාළාත් පාලන අයතන සීමා නිර්ණය වාර්තාව සකස් කර අවසන්..

පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නිර්ණය වාර්තාව සකස්‌ කර අවසන් බව ඒ සඳහා පත් කළ කමිටු ආරංචි මාර්ග පැවැසීය.

එ අනුව කමිටු වාර්තාව ලබන මස 15 ත් 20 ත් අතර දිනකදී පළාත් පාලන ඇමැතිවරයාට භාර දීමට නියමිත බව පැවසේ.

මේ වන විට වාර්තාව සඳහා දිස්‌ත්‍රික්‌ රාජ්‍ය නිලධාරීන්ගේ අත්සන් ලබා ගැනීම හා සීමා නිර්ණය සිතියම්ගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.

නව වාර්තාවට අනුව සභිකයන් 5092 දෙනකු තෝරා ගැනීමට නියමිත  බවත් සියලු පළාත් පාලන ආයතන කොට්‌ඨාස 4833 කට බෙදා වෙන් කර තිබේ.

කලින් සකස්‌ කර තිබූ සීමා නිර්ණ වාර්තාවේ ඇතුළත් බහු මන්ත්‍රී කොට්‌ඨාසවලින් 175 ක්‌ ඉවත් කර ඇති අතර නව වාර්තාවට අනුව බහු ආසන 250 ක්‌ පිහිටුවා ඇත.

මන්ත්‍රීවරුන් දෙදෙනකු බැගින් බහු ආසන 41 කින් තෝරා ගැනීමටත් මන්ත්‍රීවරුන් තිදෙනා බැගින් බහු ආසන 9 කින් තෝරා ගැනීමටත් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම නවයෙන් ආසන 07 ක්‌ කොළඹ නගර සීමාවෙන්ද ගම්පොළ හා සමන්තුරෙන් එක බැගින්ද ඇතුළත්ය.

අදාළ සීමා නිර්ණ වාර්තාව භාර දීමෙන් පසුව අදාළ අමාත්‍යාංශය විසින් ගැසට්‌ නිවේදනයක්‌ මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් පළාත් පාලන මැතිවරණ පනතේ අඩුපාඩු නිවැරදි කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බවත් මැතිවරණ කාර්යාලය පවසයි.

මෙම කරුණු දෙක ඉටුවීමෙන් පසුව දින 75 ක්‌ ඇතුළත පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවද හෙතෙම කියා සිටියේය.