FAST NEWS

24×7 Around the Globe

ගාල්ල අවට ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පන තත්වයක්…

ගාල්ල අවට ප්‍රදේශ කිහිපයක අද(27) අලුයම 5.45ට පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව ජනතාව පවසති.

ගාල්ල, උණවටුන, තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් සුළු භූ කම්පන තත්වයක් මෙයට හේතුවන්නට ඇති බවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරති.

මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැතැයි වාර්තා වෙයි.